අභිවන්දිත දේව නගරය
ओम नमो नारायण !
කෞස්තුභ මැණික රැඳී ගෙල හිස් නොවේවා
ශ්රී වත් ලකුණු යුතු ලය උණුසුම් වේවා
රත් සිරිපා තබන තැන මල් සුපිපේවා
බෝසත් රජුනි සදා සුවයෙන් රැකේවා
හිස් මතින් වලා වියනින් සැදේවා
පා යටින් උපුල් පාවඩ වියේවා
සත් කැලෙන් නිතින් බුහුමන් ලැබේවා
දෙව් රජුන් මගුල් උයනෙ ම බුදු වේවා
මුව කමලේ මදහස අඩු නොවේවා
නිල් දෙනෙතේ කැලුමන් මද නොවේවා
රණහස ගෙලේ මල්දම් නිති රැඳේවා
දෙවු රජුනේ තුන් ලොව ඔබ දිලේවා
සය වස් දුක් ක්රියාවන් සිදු නොවේවා
වසවත් මරුගෙ මුව නිති ගොළු වී යේවා
දෙව්දත් කෙනෙකු කිසිදා හමු නොවේවා
බෝසත් රජුනි ඔබ සුවසේ බුදු වේවා
නළලත තිලක සවනත මිණි කොඩොලාන
සුපුවන පුළුල් දෙනුවන නිල් උපුලාන
සිරිකත වසන පෙම්බර ලය මඩලාන
දිවි ගිරි හිසේ රිවියුරු නුඹ දෙවිඳාන
සටහන - රද්දොලුවේ ධම්මපාලි සිල්මෑණියන් වහන්සේ
ශුක්ලාම්බලධරම් විෂ්ණුම්
ශෂිවර්ණම් චතුර්භුජම්
ප්රසන්න වදනම් ධ්යායේ
සර්ව විග්න උප ශාන්තයේ! ❤️🙏❤️😊
📸PC - Arosh Dasanayaka
https://youtu.be/zSanfxRFBe0
Great work !
ReplyDeleteපෞරාණික උරුමයන් හදාරන්න දැන ගන්න කදිම වේදිකාවක් හැදීගෙන ගෙන යනවා එෆ්බී දානවාට වඩා මෙතන ආරක්ෂා වෙනවා. මේව ඒ වෙතත් ෂෙයා කරන්න. බොහෝ දෙනකු ඇස ගැටේවි සුබ පැතුම්
ReplyDeleteමේ උපදෙස් වලට බොහෝම ස්තුතිය් ඔබතුමාට! හෙට සිට ඉතිහාස ලිපි පලවීම ආරම්භ වෙනු ඇත.
Delete