දෙවිනුවර පූජා භූමියේ සඳකඩපහන්
~ දෙවිනුවර පූජා භූමියේ සඳකඩපහන් ~ 1) කැටයම් සහිත සඳකඩපහන අතීතයේ දී සිටිපිළිම විහාරයේ පැරණි පියගැටපෙළට සවිකොට තිබූ මෙම සඳකඩපහන වර්ථමානයේදී නව ඔත්පිළිම විහාරයේ අලුත් පියගැටපෙළට සවිකොට තිබේ. මධ්‍යයේ සම්පූර්ණ පියුමකොන් සහ නොයෙක් සත්ව රූ සහිත ලියවැල් කැටයමකින් සහ ඒ කෙළවර කොට ඇති දැති කැටයමකින් ද මෙම සඳකඩපහන අලංකෘතය. 2) මැද පියුම සහිත වෙනත් කැටයම් රහිත සඳකඩපහන මින් එකක් නව ඔත්පිළිම විහාර ගොඩනැගිල්ලේ දොරකඩට සවිකොට තිබේ. වම් පසින් කොටසක් කැඩී ගොසිනි. එහෙත් පියුම් කැටයම ආරක්ෂිතය. පැරණි ඔත්පිළිම විහාරයද මෙම නව ගොඩනැගිල්ල පිහිටි බිමේම අතීතයේ දී පැවති බැවින් මේ එහි මුල් සඳකඩපහනක් විය හැක. මැද පියුම සහ දාරයන් ද රේඛා ලෙස ඉස්මතුවන පරිදි කැටයම් කල සඳකඩපහනක් අතීතයේ දී මහවත් මඩුව තුළ වුනු බව 1949 පළවූ දෙවුන්දර ඉතිහාසයේ කියා තිබේ. දැන් එය කිරළ වැල්ල පාරට මුහුණලා ඇති දේවාල බිමෙන් පිටවීමේ මාවත තුල සවිකොට තිබේ. මධ්‍යයේ ඉතා කුඩා පුෂ්පයක් කැටයම් කොට ඇති සඳකඩ පහනක් ධම්මපද පියගැටපෙළට පහලින් පහත මලුව තුළ තිබේ. 3)කැටයම් රහිත සඳකඩපහන් මේ ආකාරයේ සඳකඩපහන් ද්විත්වයක් නූතන ධර්ම ශාලාවට සවිකොට තිබ...